- මේකේ ඒවයින් Volume,,,,%Cash Map කියන්නේ මොකද්ද????
Volume කියන්නෙ දවසේ මේ වන තෙක් ගනුදෙනු වෙලා තියෙන කොටස් ගණන. cash map කියන්නෙ ගනුදෙනු වෙලා තියෙන මුළු මුදල් ප්‍රමාණය (Buy to Sell ප්‍රතිශතය)
- මේකේ මේ 52 කියල දාල තියෙන්නේ මොකද්ද????ඕක රතු පාටිනුයි කොළ පාටිනුයි දෙකෙන්ම තියෙනව.......
52 රතු පටින් පෙන්නන්නෙ ඒ කොටස් වල මිල, අද දවසේ, පසුගිය සති 52ක කාලය තුළ ගනුදෙනු වුනු අවම අගයට ඇවිල්ල කියල. කොල පාට නම් ඉහළම අගයට.
- ඔය පින්තූර 2කේ තියෙන එවයි උඩ හෙඩ්ලයින් වලින් මොකද කරන්නේ කියල කියන්නකෝ.....උදා :- bid,,bid Qty,,offer,,offer Qty,,Bid/offer,,etc (ඒ හෙඩ් ලයින් යටතේ සිදුවෙන කාර්යය ඕනේ.........)
පළවෙනි එකේ,
Bid = එම කොටස් ගන්න බලා ඉන්න ආයෝජකයින්ගෙන් ඉහළම මුදලක් දෙන්න ලෑස්ති ආයෝජකයින් දෙන්න ලෑස්ති මිල
Bid Qty = අරම bid කරන ආයෝජකයින් ගණන
Offer = කොටස් හිමිකරුවන්ගෙන් තමන්ගෙ ලඟ තිබෙන කොටස් විකුණන්න ලෑස්ති අයගෙන් අවම මිලකට විකුණන්න දාල තියෙන අය ඉල්ලම මිල
Offer Qty = එහෙම ඒ මිලට විකුණන්න බලා ඉන්න කොටස් හිමියන් ගණන
Bid/offer = total bids to offer අනුපාතය
last = අවසානයට එම කොටස් ගනුදෙනු වුනු මිල
last qty = අවසානයට ගනුදෙනු වුනු කොටස් ගණන
මේව ඔක්කොම cdax ලිපි මාලාවෙ තිබ්බ.
දෙවන රූපයේ,
change = ඊයේ දවසට සාපේක්ෂව අද මිල වෙනස්ව ඇති ගණන
change % = ඊයෙට සාපේක්ෂව එහෙම මිල වෙනස් වෙලා තිබෙන ප්‍රතිශතය
high = අද දවසේ එම කොටස ගනුදෙනු වුනු ඉහළම මිල
low = අද දවසේ එම කොටස ගනුදෙනු වුනු පහළම මිල
trades =එම දිනයේ සිදුවුනු ගනුදෙනු ගණන
trade volume = එම දිනයේ ගනුදෙනු වුනු කොටස් ගණන
turnover = ඒ සියළුම කොටස් ගනුදෙනු වලදි හුවමාරු වුනු මුදල් ප්‍රමාණය
cashmap = Buy to sell අනුපාතය
OHLC = ගනුදෙනු වුනු මිල කාලය සමඟ විචලනය පෙන්වන ප්‍රස්තාරයක්
- මේකේ තියෙන හෙඩ් ටිකත් කියන්නකෝ.......උදා :- Splits,,Bid Qty,,Bid Price,,Offer price,,Offer Qty,,Splits (මේ ටිකෙන් කරන්න මොකද්ද කියලයි දැනගන්න ඕනේ......)
මේ ටික ගැනත් cdax ලිපි වල තිබෙනවා. Order Book එක ගැන තිබෙන ලිපිය බලන්න.
- අනික මට මේ මෘදුකාන්ගයෙන් එකම වෙලාවෙම ගිනුම් 2කක වැඩ කරන්න පුලුවන්ද????????
මේ ගැන නම් මම හරියටම දන්නෙ නෑ. Cdax වලින් නම් පුළුවන් බව දන්නව. අහල බ්ලන්න ඔයාගෙ බ්‍රෝකර් ආයතනයෙන්.
softwere eka :- DirectFN TWS
ASIA SECURITIES eken dena soft eka :)
0 comments:
Post a Comment