අපි යම් සමාගමක කොටස් විකිණීමෙන් පසු චෙක් පත ලැබෙන තුරු නොසිට ඒ මුදලින් එම අවස්ථාවේම නැවත වෙනත් සමාගමක කොටස් මිලදී ගැනීමක් කල හැකිද?පුලුවන්නම් ඒ කොහොමද කියල දන්න කෙනෙක් කියන්න.
A:
එසේ කරන්නට බෑ. ඔබ කොටස් විකිණූ විට එම මුදල අදාල කොටස් හිමි සමාගමේ මූල්‍ය කටයුතු සිදු කරන ආයතනය මගින් ඔබගේ නිවසට චෙක්පතක් මගින් එවනවා.
ඔබ කොටස් මිලට ගන්න නම් ඔබගේ CDS ගිණුමේ මුදල් තිබිය යුතුයි, නමුත් කොටස් විකිණු පසු එම මුදල් එහි නොමැති නිසා (එම මුදල් ඒ වන විට තිබෙන්නේ අර කිව්ව මූල්‍ය සමාගම තුළයි, නැතිනම් ඔබ අයිතියෙයි). ඉතින් යළි එම මුදල ඔබගේ CDS ගිණුමට බැර කිරීමකින් තොරව කිසිවක් කළ නොහැකියි.
ඔබට නමුත් මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඔබගේ තැරැව්කාර ආයතනයට කියන්න, ඔබට චෙක්පත් එවීමක් නොකර, ඒ විකිණීමෙන් ලැබෙන මුදලත් යළි CDS ගිණුමට බැර කරන ලෙස. එවිට ඔබට කිසිම කරදරයකින් තොරව කොටස් මිලට ගන්නට හැකියි.
0 comments:
Post a Comment