ආයුබෝවන්!!!

කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව ඔබට එන ගැටළු වලට පිළිතුරු සපයන්නට අප සූදානම්.

මෙන්න මෙතනින් යන්න.
ගැටළුව සරළව කෙටියෙන් සඳහන් කරන්න.
"ආයෝජන උපදෙස් ලබා දෙනු නොලැබේ."

Saturday, October 22, 2011

අලුතින්ම එන මට

ප්‍රශ්නය:
මමත් හිතාගෙන හිටපු දෙයක් කොටස් වෙලදපල ආයෝජනය.ඒත් තැරව්කරුවන් සුලු ආ‍යෝජකයන්ට උපදෙස් දෙන්නෙ නෑලු.එනිසා වෙදල පල ගැන නොදැන පිවිසෙන අය අනිවාර්යයෙන්ම සල්ලිටික නැති කර ගන්නවා කියලා යාලුවෙක් කිව්වා.ඒක නිසා සම්පූර්නයෙන්ම අදහස අතහැරලයි හිටියේ.
ඒත් ‍‍ඔයාගේ ලිපි ටික දැකලා ආයෙත් හිතුවා බැංකුවෙ දාලවත් ඉතුරු නොකරන නිසා සුලුවට මමත් හිතුවා රු.20 000 කින් වගේ පටන් ගන්න. දන්න විශ්වාස උදව්කරන තැරැව්කරැවෙක් ඉන්න වනම් විස්තර දෙන්න පුලුවන්ද? 


පිළිතුර:
ඔය මුදල ආරම්භයක් වශයෙන් හොඳටම ඇති. මම නම් දන්නෙ
Asha Phillips සහ JB Securities ගැන විතරයි. Bartleet Mallory ත් හොඳයි කියල කටිය කියනවා. JBS හොඳයි, හැබැයි එයාල වැඩිපුර බලන්නෙ දිගුකාලීන ආයෝජකයො ගැන. නමුත් ඔවුන් ඕනෙම කෙනෙක්ට උපදෙස් ලබා දෙනවා. Asha Phllips
හොඳයි, පොඩි ලොකු හැමෝටම. නමුත් එයාලගෙ ඉන්න customersල ගාන වැඩි නිසා සමහර වෙලාවට පොඩ්ඩක් එහා මෙහා වෙන්න ඉඩ තියෙනව. නමුත් නොසළකා ඉන්නෙ නම් නෑ. Asha phillpsලට එච්චර ගොඩක් customersල ඉන්නෙ එයාල හොඳ නිසානෙ.

0 comments: