ආයුබෝවන්!!!

කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව ඔබට එන ගැටළු වලට පිළිතුරු සපයන්නට අප සූදානම්.

මෙන්න මෙතනින් යන්න.
ගැටළුව සරළව කෙටියෙන් සඳහන් කරන්න.
"ආයෝජන උපදෙස් ලබා දෙනු නොලැබේ."

Saturday, September 10, 2011

හොරුන්ට රැවෙටෙන්නෙපා - අනිවාර්යයෙන් කියවන්න.

මේ ලිපිය ලියන්නෙ, මට අද ඈත පළාතක මල්ලි කෙනෙක් කතා කරල කිව්ව විස්තරයක් පදනම් කරගෙන.
ඔහු පවසන අන්දමට, ඔහු හා තවත් ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුගෙන් (15 දෙනෙකුට වඩා ගණනක්) ඔවුන් දන්නා පුද්ගලයෙක්, කොළඹ ඇති තැරැව්කාර සමාගමකින්, කොටස් වෙළදපළ ගනුදෙනු කළ හැකි Online Trading Accounts හදල දෙන්නම් කියල (එම ප්‍රදේශයට ආසන්නයේ ඇති තැරැව්කාර සමාගම් වලින් Online trading පහසුකම ලබාදෙන්න ඉල්ලන අවම ආයෝජන අගය මොවුනට දරන්නට බැරි නිසා.) ඔවුන්ගෙන් මුදල් ලබාගෙන තිබෙනවා.( එක් අයෙකුගෙන් ඉලක්කම් 5ක ගණනක්)
අනිතිමට කට්ටියගෙන් සමහරෙකුගේ ගිණුම් හැදිලා තිබෙනවා. මට කතා කළ මේ මල්ලිගෙ ගිණුම හැදිල නෑ තාම. අර ගිණුම් හැදුනු අයගෙ ගිණුම් වලට කිසිදු මුදලක් බැර වෙලත් නෑ.
මට පෙනුනු හැටියට, මේ කියන පුද්ගලයා, බොරුවෙන් මොවුන්ව රවටා නොමිලේ සිදුකෙරෙන දෙයක් කරල දෙන්න මුදල් ලබාගෙන තිබෙනවා. එක් අයෙකුගෙන් අර වගේ ගණනක් බැගින් අච්චර දෙනෙකුගෙන් ගත්තම කීයක්ද??? 

මෙන්න මේක හොඳින් දැනගන්න.
CDS ගිණුමක් සෑදිම සම්පූර්ණයෙන්ම නොමිලේ කෙරෙන දෙයක්.
Online Trading Facility එක සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන එකක්. (මෙහෙදී සමහරක් ආයතන අවම ආයෝජනයක් කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ ගෙවීමක් නෙමෙයි, ආයෝජනයක්මයි.)

ඉතින් මෙහෙම එක එකාට රැවටෙන්නෙපා. බොරු කියල ඔබ මුලා කරල මුදල් ගසා කන්නන්ගෙන් ප්‍රවේසම් වෙන්න.!!! 

මෙහෙම දේවල් නිසා සමහර දෙනෙක්ට කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව විශාල කළකිරීමක් ඇති වෙනවා. මම හිතන්නෙ, විනිමය කොමිෂන් සභාව මේ වගේ දේවල් ගැන විශේෂයෙන්ම ජනතාව දැනුවත් කළ යුතුයි කියල. නමුත් ඔවුන් හරහා හරි හැටි මේ දේවල් කෙරෙන්නේ නැති එක කණගාටුවට කරුණක්. දැන් විශාල වෙබ් අඩවි ප්‍රමාණයක්, මුහුණු පොතේ කණ්ඩායම් ප්‍රමාණයක් ඇති වෙලා තිබෙනවා කොටස් වෙළඳපළ ගැන සාකච්ඡා කෙරෙන. නමුත් මේවායින් බොහොමයක ආයෝජකයින් නොමඟ යවන දේවල් කියවෙනවා, සිදු කෙරෙනවා. ඉතින් මේ දේවල් වලින් ඉතාම ප්‍රවේසම් විය යුතුයි. විශේෂයෙන්ම නවක ආයෝජකයින්. ඔවුන් හරි හැටි දැනුමක් නැතිව එක එකාය කියන දේවල් පස්සෙ ගිහිල්ල අමාරුවෙ වැටෙනවා. 

Thursday, September 8, 2011