ආයුබෝවන්!!!

කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව ඔබට එන ගැටළු වලට පිළිතුරු සපයන්නට අප සූදානම්.

මෙන්න මෙතනින් යන්න.
ගැටළුව සරළව කෙටියෙන් සඳහන් කරන්න.
"ආයෝජන උපදෙස් ලබා දෙනු නොලැබේ."

Saturday, September 10, 2011

හොරුන්ට රැවෙටෙන්නෙපා - අනිවාර්යයෙන් කියවන්න.

මේ ලිපිය ලියන්නෙ, මට අද ඈත පළාතක මල්ලි කෙනෙක් කතා කරල කිව්ව විස්තරයක් පදනම් කරගෙන.
ඔහු පවසන අන්දමට, ඔහු හා තවත් ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුගෙන් (15 දෙනෙකුට වඩා ගණනක්) ඔවුන් දන්නා පුද්ගලයෙක්, කොළඹ ඇති තැරැව්කාර සමාගමකින්, කොටස් වෙළදපළ ගනුදෙනු කළ හැකි Online Trading Accounts හදල දෙන්නම් කියල (එම ප්‍රදේශයට ආසන්නයේ ඇති තැරැව්කාර සමාගම් වලින් Online trading පහසුකම ලබාදෙන්න ඉල්ලන අවම ආයෝජන අගය මොවුනට දරන්නට බැරි නිසා.) ඔවුන්ගෙන් මුදල් ලබාගෙන තිබෙනවා.( එක් අයෙකුගෙන් ඉලක්කම් 5ක ගණනක්)
අනිතිමට කට්ටියගෙන් සමහරෙකුගේ ගිණුම් හැදිලා තිබෙනවා. මට කතා කළ මේ මල්ලිගෙ ගිණුම හැදිල නෑ තාම. අර ගිණුම් හැදුනු අයගෙ ගිණුම් වලට කිසිදු මුදලක් බැර වෙලත් නෑ.
මට පෙනුනු හැටියට, මේ කියන පුද්ගලයා, බොරුවෙන් මොවුන්ව රවටා නොමිලේ සිදුකෙරෙන දෙයක් කරල දෙන්න මුදල් ලබාගෙන තිබෙනවා. එක් අයෙකුගෙන් අර වගේ ගණනක් බැගින් අච්චර දෙනෙකුගෙන් ගත්තම කීයක්ද??? 

මෙන්න මේක හොඳින් දැනගන්න.
CDS ගිණුමක් සෑදිම සම්පූර්ණයෙන්ම නොමිලේ කෙරෙන දෙයක්.
Online Trading Facility එක සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන එකක්. (මෙහෙදී සමහරක් ආයතන අවම ආයෝජනයක් කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ ගෙවීමක් නෙමෙයි, ආයෝජනයක්මයි.)

ඉතින් මෙහෙම එක එකාට රැවටෙන්නෙපා. බොරු කියල ඔබ මුලා කරල මුදල් ගසා කන්නන්ගෙන් ප්‍රවේසම් වෙන්න.!!! 

මෙහෙම දේවල් නිසා සමහර දෙනෙක්ට කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව විශාල කළකිරීමක් ඇති වෙනවා. මම හිතන්නෙ, විනිමය කොමිෂන් සභාව මේ වගේ දේවල් ගැන විශේෂයෙන්ම ජනතාව දැනුවත් කළ යුතුයි කියල. නමුත් ඔවුන් හරහා හරි හැටි මේ දේවල් කෙරෙන්නේ නැති එක කණගාටුවට කරුණක්. දැන් විශාල වෙබ් අඩවි ප්‍රමාණයක්, මුහුණු පොතේ කණ්ඩායම් ප්‍රමාණයක් ඇති වෙලා තිබෙනවා කොටස් වෙළඳපළ ගැන සාකච්ඡා කෙරෙන. නමුත් මේවායින් බොහොමයක ආයෝජකයින් නොමඟ යවන දේවල් කියවෙනවා, සිදු කෙරෙනවා. ඉතින් මේ දේවල් වලින් ඉතාම ප්‍රවේසම් විය යුතුයි. විශේෂයෙන්ම නවක ආයෝජකයින්. ඔවුන් හරි හැටි දැනුමක් නැතිව එක එකාය කියන දේවල් පස්සෙ ගිහිල්ල අමාරුවෙ වැටෙනවා. 

Thursday, September 8, 2011

Sunday, September 4, 2011

Friday, September 2, 2011

A total Beginner to Online Trading

Q:mulinma share market ekath ekka ganudenu karana kenekta ONLINE STOCK TRADING walinma start kirima thula risk ekak thiyanawada?

Tuesday, August 30, 2011

A total Beginner

Q:
I'm a beginner to cse,want to start with a small amount of money,could u pls tell me a good broker company to start with a smaal amount of money,is there any company who gives online trading fascility without a investing money limit

Sunday, August 28, 2011

අම්මට අයිති කොටස් ටිකක්

Q:
මගේ අම්මට අයිති, කොටස් ප්‍රමාණයක් තියෙනවා....මට ඒ කොටස් ප්‍රමාණය හසුරුවන්න හැකිද ??(විකිණීමට ) එසේ නම් ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි මොනවාද?? ඒ කොටස් ප්‍රමාණය සම්බන්දයෙන් අවුරුදු 20කින් පමණ අප විසින් සොයා බැලීමක් කර නැහැ...එය ගැටලුවක් වේවිද??

Friday, August 26, 2011

What is DIsclosed Qty and Min Qty?

Q:
sell karanakota disclosed qty and min qty 2 kama fill karanda oneda.


Wednesday, August 24, 2011

For a Beginner

Q:
Mata kiyanna puluwanda mama adunikayek hetiyata thoraganna ona broker kauda kiyala.... Mata ona Muladi Rs.200000 ka vithara ayojanayak karala.. experience lebenakota ayojana mudala wedi karala full time me wedeta
bahinna... e wagema mama online trading karannath balaporoththuwenawa.. eka nisa mata kiyala denna api wage aluth ayojakayinta atharaman wennethuwa, customer care hondata thiyana, honda adivisors la inna.. Honda thenak.....


Monday, August 22, 2011

බ්‍රෝකර් සල්ලි අරගෙන පැනල යයිද?

Q:
mata dana gan na one mamma account ekaka broker kenek laga open kaloth mage salli palanaya karan ne e aya neda???. 
e aya mage salli aragena sakwiti wage panala yai da????? e gana mata sakai. e nisa salli ganudenu siduwen ne kohomada kiyala mata liyan na sinhalen. 
me de karan na pera me account palanaya wen ne keseda kiyala pahadili kirimak karan na. hetuwa mama in ne europ wala. mata me gana wiswasayak ati wunoth mama meka karan na kamati. mage account eke salli mata uwamana wunoth mata mehen ganna pluwanda. oya wage dewala mama kal pana karanawa.