ආයුබෝවන්!!!

කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව ඔබට එන ගැටළු වලට පිළිතුරු සපයන්නට අප සූදානම්.

මෙන්න මෙතනින් යන්න.
ගැටළුව සරළව කෙටියෙන් සඳහන් කරන්න.
"ආයෝජන උපදෙස් ලබා දෙනු නොලැබේ."

Wednesday, August 24, 2011

For a Beginner

Q:
Mata kiyanna puluwanda mama adunikayek hetiyata thoraganna ona broker kauda kiyala.... Mata ona Muladi Rs.200000 ka vithara ayojanayak karala.. experience lebenakota ayojana mudala wedi karala full time me wedeta
bahinna... e wagema mama online trading karannath balaporoththuwenawa.. eka nisa mata kiyala denna api wage aluth ayojakayinta atharaman wennethuwa, customer care hondata thiyana, honda adivisors la inna.. Honda thenak.....




A:
මම හැම බ්‍රෝකර් ආයතනයක් ගැනම නම් දන්නෙ නෑ. නමුත් ඔබගේ අවශ්‍යතා වලට ගැළපෙන ආයතන කිහිපයක් කියන්න පුළුවන්. ඒත් ඔවුන්ගෙන් ඔබට ලැබෙන සහය ඔබ ලබාගන්න දැනගන්න ඕනෙ. නිකං හිටියට ඔවුන් බලෙන් කතාකරල උදස් කරන්නෙ නෑ, ඔබත් කතා කරල ප්‍රශ්න අහල සහය ලබාගන්න ඕනෙ. ඒ සහය ලබාදීම ඔවුන්ගේ වගකීමක්.
Asha Phillip Securities - ඉතාම හොඳ ආයතනයක්. නමුත් ඔවුන්ට විශාල ආයෝජකයින් පිරිසක් සිටිනා නිසා බොහෝ වෙලාවට ඔබගේ උපදේශකයා එක්ක ගොඩක් වෙලා කතා කර කර ඉන්න නම් බැරි වේවි. ඔවුන් Online trading සහය ලබා දෙනවා. නමුත් 200,000/= ක අවම ආයෝජනයක් කළ යුතුයි.

JB Securities - මෙයත් ඉතාම හොඳ ආයතනයක්. Asha Phillip වගේම තමයි. නමුත් මොවුන් වැඩිපුරම සැළකිළිමත් වෙන්නේ මධ්‍ය හා දිගු කාලීන ආයෝජකයින් කෙරෙහි තමයි. මොවුනුත් online trading ලබා දෙනවා, නමුත් 1,000,000/= ක පමණ මූලික ආයෝජනයක් කළ යුතුයි.

Capital Trust Securities - මෙයත් විශාල ආයතනයක්. මොවුන්ගේත් ඉහත අයගේ වගේම හොඳ සමීක්ෂණ කණ්ඩායම් හා පළපුරුදු උපදේශකයින් සිටිනවා. මොවුනුත් online trading ලබා දෙනවා, ඔවුන්ගේ නනීති ගැන නම් හරියටම දන්නෙ නෑ.

Batleet Malroy Stock Brokers - මොවුනුත් ඉතාම හොඳයි, අනිත් අය ගැන කිව්ව ටිකම තමයි කියන්න තියෙන්නෙ. මොවුනුත් online trading ලබා දෙනවා, මුලදී නොමිලේ දුන්නත් දැන් නම් ඔවුනුත් මූලික ආයෝජන සීමාවක් පනවා තිබෙනවා. කොමණක්දැයි නම් හරියටම දන්නෙ නෑ.

0 comments: